බිල් ගේට්ස් පරාජය කරමින් අලුත් ධනවතෙක් ඉදිරියට
ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස මයික්‍රොසොෆ්ට් සම අයිතිකරු බිල් ගේට්ස් පරාජය කරමින් ‘ඇමසන්’ සමාගමේ (Amason) නිර්මාතෘ ජෙෆ් බේසොස් ඉදිරියට පැමිණෙයි.
‘ෆොර්බ්ස්’ සඟරාවේ සඳහන් වන පරිදි ජෙෆ් බේසොස් ගේ මුළු වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 91.4කි. (ස්ටර්ලින් පවුම් බිලියන 70)
‘ඇමසන්’ සමාගමේ කොටස් මිල පසුගිය දා ඉහළ යාමත් සමඟ ජෙෆ් බේසොස් ගේ වත්කම බිල් ගේට්ස් ට වඩා ඩොලර් බිලියන 1.4කින් ඉහළ ගියේය.
එම සමාගමේ කොටසක මිල තවදුරටත් ඉහළ යනු ඇති බවට අපේක්ෂා කෙරේ.
ජෙෆ් බේසොස් ගැන ඔබ නොදත් කරුණු:
මේ වසර මුලදී ඔහු වොෂින්ටන් නුවර පිහිටි පැරණි රෙදිපිළි කෞතුකාගාරයක් මිලදී ගත්තේය. ඒ සඳහා ගෙවූ මුදල ඩොලර් මිලියන 23කි.
එහි අලුත්වැඩියා කටයුතු නිම කිරීමෙන් අනතුරුව බේසොස් පවුල ස්ථිර පදිංචියට පැමිණීමට නියමිතය. ඉන් පසුව ඔහු ඔබාමා පවුලේ සහ ඉවන්කා ට්‍රම්ප්ගේ අසල්වැසියා වනු ඇත.
ජෙෆ් බේසොස් ගිනි නිවන හමුදාවේ ස්වේච්ඡා භටයෙකි.
වසර 2013 දී ඔහු ඇමරිකාවේ ප්‍රධාන පෙළේ පුවත්පතක් වන ‘ද වොෂින්ටන් පොස්ට්’ ඩොලර් මිලියන 250කට මිලදී ගත්තේය.
වසරකට තමන් ඩොලර් බිලියනයක් වටිනා භාණ්ඩ ‘ඇමසන්’ හරහා අලෙවි කරන බව ජෙෆ් බේසොස් පවසයි.
එම මුදල් ඔහු ආයෝජනය කරන්නේ ‘බ්ලු ඔරිජින්’ නමින් හැඳින්වෙන, අභ්‍යවකාශ සංචාරයන් සඳහා සංවර්ධනය වෙමින් පවතින ව්‍යාපෘතියකට ය.
අජටාකාශයේ හෝටල් සහ නගර නිර්මාණය ජෙෆ් බේසොස් ගේ අනාගත සිහිනයකි.
1994 – ජෙෆ් බේසොස්, වෝල් වීදියේ ( Wall Street ) රැකියාවෙන් ඉවත්වී ‘ඇමසන්’ ආරම්භ කළේය.
1999 – ටයිම්ස් සඟරාවේ ‘වසරේ පුද්ගලයා’ ලෙස (Time’s Person of the Year) ජෙෆ් බේසොස් නම් කෙරුණි.
2000 – ‘බ්ලු ඔරිජින්’ අභ්‍යවකාශ සංචාරක ව්‍යාපෘතිය ආරම්භ කළේය.
2013 – ‘වොෂින්ටන් පොස්ට්’ පුවත්පත මිලදී ගත්තේය.
Comments
Post a Comment