ශ්‍රී ලංකා ස්ට්‍රීම් අපි අද ඔබගේ මහුණ ප්‍රියමනාපව, මලක් වගේ පිවිතුරු ලෙස තබා ගන්න උදවුවෙන රූපලාවණ්‍ය සත්කාරයක් අරගෙන එන්න හිතුව.
අදුරු පැහැ බව දුරු කිරීමට වෙළදපොලේ විකිණීමට ඇති බොහෝ ක්‍රීම් වර්ග තුල අහිතකර රසායන ද්‍රව්‍ය අඩංගු වෙන බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා. එම නිසා සම මත ආලේප කරන කෘතීම දේවල් පිලිබදව ඔබ දෙපාරක් සිතිය යුතු කාලය එළඹ ඇත. නමුත් ඔබ සමට සත්කාර සිදු කිරීම සදහා ස්වාභාවික දේවල් පමණක් භාවිත කරන්නේ නම් ඉහත සදහන් කල භයානක අතුරු විපාක ඔබට අත් විදීමට සිදු නොවනු ඇත. සමේ අදුරු පැහැ බව ඉවත් කර ලප කැළැල් සතියක් තුල ඉවත් කර ගත හැකි ස්වාභාවික සත්කාරයක් සිදු කර ගන්නා ආකාරය තමයි අපි අද කතා කරන්නෙ.
ඔබේ මුහුණ අව පැහැයකින් යුක්ත නම් හෝ තැනින් තැන අදුරු ලප කැළැල් වලින් සමන්විත නම් මෙම සත්කාරය නිවැරදිව සිදු කර ගැනීම මගින් සම යථා තත්වයට පත් කර ගන්නට පුළුවන්. ඒ වගේම මෙම ස්වාභාවික සත්කාරය මගින් සමට අවශ්‍ය තෙතමනය හා පෝෂණය සපයා සමේ ස්වාභාවික දිදුළන ගතිය මතු කර දෙනවා.
මේ තියෙන්නෙ අවශ්‍ය ද්‍රව්‍ය
- කෝමාරිකා මදය මේස හැඳි 3
- ග්ලිසරින් මේස හැඳි භාගයයි
- විටමින් E කරල් 2
- රෝස වතුර තේ හැඳි 2
සාදා ගන්නා ආකාරය මෙන්න
ප්‍රථමයෙන්ම කුඩා බදුනක් ගෙන එයට සුරා ගත් කෝමාරිකා මදය , ග්ලිසරින් හා රෝස වතුර ඉහත සදහන් කල ප්‍රමාණයන්ගෙන් එකතු කර හොදින් මිශ්‍ර කරන්න. අවසන විටමින් E කරල් දෙකේ සාරයද මිශ්‍රණය මතට එක් කර නැවත හොදින් මිශ්‍ර කරන්න.
සත්කාරය සිදු කර ගන්නෙ මෙන්න් මෙහෙමයි
සාදා ගත් මිශ්‍රණය මුහුණ මත ආලේප කර විනාඩි 10ක් පමණ යනතුරු මෘදුව සම්බාහනය කරන්න. පැයම පමණ මුහුණ මත තිබෙන්නට හැරී සෝදා දමන්න. දිනපතා සතියක් යනතුරු සත්කාරය නොනවත්වා සිදු කල යුතුයි.
සමට සිදු වී ඇති ඕනෑම වර්ගයේ හානියක් නැවත යථා තත්වයට පත් කිරීමට කෝමාරිකා ජෙල් වලට හැකියාව තිබෙනවා. ඒ වගේම කෝමාරිකා මගින් සමේ ආසාදන හා කුරුලෑ වැනි තත්වයන්ද කඩිනමින් සුවපත් කිරීම සිදු කරනවා. ග්ලිසරින් හා විටමින් E මගින් සමේ තෙතමනය නියාමනය කිරීම හා සම තරුණ බවට පත් කරනවා. රෝස වතුර මගින් සම දීප්තිමත් කර සමේ පවතින සියලුම අවපැහැ භාවයන් ඉවත් කිරීම සිදු කරනවා. මෙම සත්කාරය නොනවත්වා දින 7ක් සිදු කරන විට සමේ ස්වාභාවික දීප්තිය (Natural Glow) වර්ධනය වී මුහුණේ අවපැහැභාවයන් මැකී යාවි.
මෙවන් උණුසුම් පුවත් දිනපතා නැරබීමට රැදී සිටින්න ශ්‍රී ලංකා ස්ට්‍රීම් (SL Stream) social media සමග facebook සමඟ සම්බන්ධවීමට මෙම ලිපියෙහි වම් පස ඇති like button එක ක්ලික් කරන්න, යුටියුබ් චැනලය සමඟ සම්බන්ධවීම සදහා Subscribe කරන්න අපේ චැනල් එක. ඒවගේ ඔබට වැදගත් වීඩියෝ රාශියක් එහි අඩංගුවෙන. චැනල් එක වෙත පිවිසීමට මෙතන ක්ලික් කරන්න.
නැවතත් වැදගත් පුවතකින් හමුවෙමු එතෙක් ඔබ සැමට සුභ දවසක්..:-)
Comments
Post a Comment